Best Graphic Designer in Sri Lanka - Praneeth Kawya Thathsara - Ralla Magazine Interview


01 - සම්පූර්ණ නම ගම පව්ලෙ විස්තර කියනවනම් ?
හෙට්ටිආරච්චිලාගේ ප්රණීත් කාව්ය තත්සර.පවුලේ මට සහෝදරයෝ දෙන්නයි සහෝදරියයි. මම වැඩිමලා. මල්ලිලා පාසල් යනවා.නංගී විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබනවා.අම්ම තාත්තා එයාලගේ ව්යාපාරික වැඩ කරගෙන ඉන්නවා.මගේ ආදරණීය බිරිද සදමාලි ඉල්ලවතුර. ඇය ගුරුවරියක්.
02 - graphic design ක්ශේත්රයට ඔබ එන්නෙ කොහොමද?
Graphic Design මම කරන්නේ පාසල් යන කාලයේදීමයි. ICT සහ චිත්ර විෂය මේ දෙකටම එක වගේ ආදරය කරපු නිසා Graphic Design ඉගෙන ගන්න පෙලඹුනා. මම Logo Design පුරුදු උනේ පාසල් ඩෙස් බංකු උඩ ඒ කාලයේ. තිබුන design උණත් එක්ක අද මේ ශේස්ත්රයට ඇවිත් තිබෙනවා කියන්න පුලුවන්. O/L A/ L කරන කාලයේ මට මගේම නිර්මාණ social media වල ප්රචාරනය කරගන්න graphic design හැකියාව උපකාර උනා. පසුව ඒ හරහාම නොයෙක් ආයතන,ව්යාපාර සහ පුද්ගලයින් මගේ සේවාව ලබාගන්න පැමිනුනා.
Events and Business Promotion අංශයේ රැකියා අත්දැකීම් සහ පසුව මගේම දැනට වසර හතරක සිට ව්යාපාරයක් වශයෙන් graphic designing වැඩකටයුතු කරගෙන යනවා.
Designer කෙනෙක් වගේම තවත් දක්ශයින් බිහිකරන - Graphic Design උගන්වන ගුරුවරයෙක් වශයෙනුත්, ශේස්ත්රයට පැමිණෙන නවකයින්ට සහයෝගය ලබාදෙන්න හැකියාව අද ලැබිලා තිබෙනවා.
03 - දැනට කරපු නිර්මාණ කොච්චර තිය්නවද සහ ඒ ගැන පොඩ්ඩක් කතා කරොත්
මගේ රැකියා කාලය තුල ප්ර්සිද්ද Brand කිහිපයක logo design කටයුතු කරන්න අවස්තාව මට ලැබුනා. පසුව මගේ project වශයෙන් ලාංකික වැඩ වලට වඩා globally බොහොමයක් වියාපාරයන්ගේ brand identity design සිදු කරා. ප්රසිද්ද youtube channels, social media brands වලට logo design නිර්මාණයෙන් දායකත්වය ලබදුන්නා. ඒ අතරින් ඔයාලගේ "රැල්ල" මේ සගරාවේ logo එක නිර්මාණය කිරීමත් සතුටු වන වැඩක්.
04 - අද කාලේ පදුරකට ගලක් ගැහුවත් graphic designers ලා හොයාගන්න පුලුවන් නේද මේකට හේතුව මොකක්ද ?
Graphic Design විතරක්ම නෙවෙයි photography ලා, web design මේ වගේ it ශේස්ත්රය තුල මේ තත්වයම තමයි තිබෙන්නේ. මමනම් ඒ තත්වය ගැන ඉතාමත් සතුටු වනවා. අපි දන්න ඔය කැලෑ පදුරු ගොඩක්ම තිබෙන්නේ ග්ර්මීයවනේ . ඉතින් ග්රාමීයවත් සියලූම මේ දරුවනුත් මේ විශයයන් ඉගෙන ගත යුතුයි. ග්රාමීයව අපි මේ දේවල් ඉගෙන ගන්න උනේ තනියම. මේ දේවල් කරන අයත්, අලුත් දෙයක් අහගන්න අයත් අපිට උන්නේ නෑ. දන්න කෙනෙක් කියාදෙන්නෙත් නැති යුග අපි වෙනස් කරා, 3D VFX වගේ දේවල් magic එකක් වගේ දකින යුගයක් අපි පසු කලේ..රැකියාවක් කරලම ලබාගත යුතු උනා බොහොමයක් අත්දැකීම්. නමුත් අද පදුරු වලින් graphic designers ලා එලියට පනින තරමට මේකේ තරගකාරීත්වය නිර්මාණය කරනවා. සියලූම දෙනා අලුත් විදියට හිතන්න මහන්සි කරවන කාලය උදා වෙලා.ඒ තරගකාරීත්වය නිර්මාණය නොවන ශේස්ත්ර එක තැන පල්වෙන තැන් අද කාලයේ තාරුණයෝ සොයායන්නේ නෑ..ලෝකය එක්ක හරි හරියට තරග කරන්න අපි සූදානම් විය යුතුයි මේ වගේ කතා නොකියා. සාමාන්යයෙන් photoshop වගේ මර්දුකාංගයක් සෑම කෙනෙක්ම graphic designer කෙනෙක් වෙන්නම ඕන නෑ තමුන්ගෙ එදිනෙදා වැඩ කරගන්න ඉගෙනගත යුතුම දෙයක් මම දකින්නේ. Graphic Designer කෙනෙක් සිටින්නේ අද ඒ අවස්තාවන් වල නෙවෙයි. අපි graphic design කරනකොට සමාජය කතා උනේ බැනර් කටවුට් design කරන පිරිසක් විදියට විතරයි. අද graphic designer කෙනෙක් කොයිතරම් පරතරයකට වැඩ කරනවා ද සමාජය දැනුවත් වෙමින් පවතිනවා. ඒ නිසා ඔය වගේ කතාන්දරය ටික කාලයයි මේ සමාජයේ තිබෙන්නේ. අලුත් අය එන්න අත දෙන්න graphic design කරන සියලූම දෙනාගෙන මම ඉල්ලන්නේ...
05 - i need logo designer සහ logo design sri lanka කියන community 2අතරේ ඔබගේ සම්බන්දය මොකක්ද ?
මම facebook එකට එනකොට ලංකාවේ facebook community තිබුනේ නෑ graphic design සම්බන්ධව. ඉතින් මට දෙයක් දැනගන්න .. ශේස්ත්රය තුල අලුත් සබදතා හදාගන්න, තිබෙන දක්ශතාවයන් පෙන්වලා social media හරහා වැඩක් කරන්න අවස්තාව නිර්මාණය වෙලා තිබුනේ නෑ. ඉතින් මට නැති අවස්තාවන් සියල්ල මම නිර්මාණය කරා අද ඉන්න නංගිලා මල්ලිලාට. මට හැකි ශක්තිය සහ කාලය යොදවලා අලුත් දේවල් කරල තිබෙනවා facebook වල. "Logo Design Sri lanka" කියන්නේ මම ලංකාවෙ logo designers ලා සහ logo එකක් නිර්මාණය කරගන්න හොද logo designer කෙනෙක් හොයාගෙන එන කෙනෙක්ට නිර්මාණය කරපු facebook group එකක්. ලංකාවේ logo design කරන හොදම designer ලා සෙට් එක ඉන්නවා අද ඒකේ.
ලංකාවෙ වගේම මම වෙනත් රටවල logo designers ලා මොනවාද කරන්නේ.. සහ logo එකක් design කරගන්න අවශ්ය කෙනෙකුට අද ලෝකයේ ඕනම රටක ඉදල facebook එන කෙනෙක්ට community එකක් නිර්මාණය කරා. ඒ තමයි " i need a logo designer " facebook group එක..මේ වෙනකොට ලක්ශය ඉක්මවලා පිරිසක් ඉන්නවා. දෙනිකව logo design orders බොහොමයක් logo designer ලට අරගෙන එන්න මට අවස්තාව ලැබුනා ඒ group එක තුලින්.මගේ කාලය නව අලුතින් එන නව පරපුරට කරපු ආයෝජන විදියට මම දකින්නේ මේ groups. අපි ඔවුන් අතරමං කරලා නෑ. පල පර්යෝජන අරගන්න මේ අවකාශයෙන් මම ආරාධනා කරනවා.
06 - මල්ලි අපි ඉස්සෙල්ලාම sample එකක් බලමු සෙට් උනොත් සල්ලි දෙන්නම් කියන අය සහ එහෙම කියල තිය්නවද මේ සම්බන්දව ඔබේ මතය මොකක්ද ?
අපි මේ කරගෙන යන graphic design ශේස්ත්රය " හරියට ලංකාවේ කරගෙන යන්න අමාරුයි ", "හරි මිලක් නෑ " වගේ කතා අහන්න ලැබෙනවා. ලංකාවෙ විතරක් නොවෙයි අපිට වඩා අපි දියුනුයි හිතන රටවලත් මේ වගේ වචන අපිට අහන්න ලැබෙනවා. Client ගෙත් designer ගෙත් දෙදෙනා අතර තිබෙන කාලයට නිසි අගයක් ලබාගත යුතුයි. ලබපු අද්යපනයට කැප කරපු කාලයට වගේම කැපකිරීම් කරන්න නියමිත කාලයටත් අපි වටිනාකම එකතු කර ගත යුතුයි. ඒ කොහොම ද ත් මම කියන්නම්.අපි දන්න කෙටිම වචනය ඕකට කරන වැඩ හරියට manage කිරීම. වැඩක් කරන්න පිලිවෙලක් සකස් කරගන්න. අපිට අවශ්ය අකාරයටම අංක පිලිවෙලට වැඩක් කරන්න වට්ටියක තියලා ලැබෙන්නේ නෑ. වැඩ කලමනාකාරනය මදිකම තමයි සියලූම දෙනාගේ අඩුපාඩු විදියට මම දකින්නේ මේ කතා කියන සහ අහන අයගේ..නමුත් මේ වගේ අහන ඇහෙන කතා කිසිම දෙයක් මේ ශේස්ත්රයට බලපෑමක් වෙලා නෑ. පොලව මොන පැත්තකට ඇද උනත් දක්ශයා ලස්සනට නටනවා.
07 - අවසාන වශයෙන් මේ field එකට එන කෙනෙක්ට කියන්න තියෙන්නෙ මොකක්ද
සහ ඔබව සම්බන්ද කරගන්නෙ කොහොමද ?
ලස්සනට තාලයට අත්පුඩියක් වත් ගහන්න කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන කියනවානේ. මම හිතන්නේ නෑ මේ විශය ට ආවොත් මේක නොතේරෙන අය ඉන්නවා කියලා. ඕනෑම මනුස්සයෙක් ට පොඩියට හරි කලා හැකියාවක් තිබෙනවා. ඉතින් මේ graphic design කියන්නේ තමුන්ගෙ යම්කිසි කලාත්මක ඇසක්, නිර්මාණශීලී අදහස් නිර්මාණය කරන ශේස්ත්රයක්. තමුන් ගැන තමුන්ට විශ්වාසයක් තිබෙනවානම් එන්න graphic design ඉගෙනගන්න. මටත් පුලුවන් උදව් කරන්න. "Graphic Temple" මම නිර්මාණය කරන්නෙත් ඒ වෙනුවෙන්. මාව සම්බන්ධ කරගන්න පුලුවන් "Praneeth Kawya Thathsara" මගේ facebook පිටුවෙන්. logo.lk වෙබ් අඩවිය. ස්තූතියි රැල්ල mag. එකට. සියලූම කටයුතු සාර්තක වන්න සුබපැතුම්!!! ජය වේවා!!



Logo Designer in Sri Lanka and most popular sri lankan Graphic Designer. Award Wining Sri Lankan Graphic Designer.



Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.