Serif සහ sans serif අතර ව‌ෙනස දන්නවා ද?

Graphic Designing ඉග‌ෙන ගනිද්දී Fonts ගැන අපි කතා න‌ොකරම බැහැන‌ෙ. ඉතින් Serif Fonts සහ Sans Serif Fonts කියල නිතර අහන්න දකින්න සිද්ද ව‌ෙනවා අපි ඩිසයින් එකක් කරන්න ගියාම සහ Fonts ත‌ොරාගනිද්දී . ඉතින් Font ගැන මූලික වටා පිටාව එක්කම අපි කතාවට බහිමුක‌ො 🤔 දැන් අපි බාවිතා කරන Fonts කියන්නෙ text එකක්න‌ෙ .ක‌ොතනක හරි ටයිප් කරන. ඒවා වර්ග විදියට හරියට Arial, Helvetica, සහ Times roman වලට සීමාවුනු ස‌ෙට් එකක්න‌ෙ තිය‌ෙන්න‌ෙ‌. දැන් නම් අපි ග‌ෙ‌ාඩක්ම Internet එක‌ෙන් අරග‌ෙන විවිධ Fonts බාවිතා කරනවා හිතනවා. 😁 ඒ උනාට හරි ආකාරව බ‌ෙදාගත්ත‌ොත් ම‌ෙ fonts වර්ග කියන්නෙ ඇත්තටම මොනවද?
Typography පැත්තෙන් බලනකොට මේ fonts කියන්නෙ text එකකට එහා ගිය දෙයක්.අපි අකුරු වලින් කරන නිර්මාණ විදියට ගත්ත‌ොත්. ඩිසයින් විදියට අකුරු වලින් කරන වැඩ ග‌ොඩක් තිය‌ෙනවාන‌ේ

යාලුවන‌ේ මේ fonts කියලා කතා කරන දේවල් නෙමේ ඇත්තටම fonts කියලා ඔයාල කියන්නෙ. Fonts කියන්නෙ typeface එකක්. උදාහරණයක් විදිහට කිව්වොත් arial කියන්නෙ font එකක් නෙමේ. ඒක typeface එකක්. ඒත් ඒකෙ size එක සහ weight එක එහ‌ෙමත් නැත්නම් bold, italic වගේ දෙයක් එක්ක ගත්තට පස්සෙ තමයි ඒක font එකක් වෙන්නෙ. ටිකක් පැටලිලි සහගතයි න‌ේද? 🙄 🔗 Font Style සහ Font Family Font Style එකක් කියන්න‌ෙ(size, weight, and style) ම‌ෙ විදියට Font එකක් ව‌ෙනස් වීම Font Family කියන්න‌ෙ එකම Font එකක Black,Light,Bold,.. විදියට එකම Font එක එකම පවුලෙ විදියට වනස් වෙන එක මට අවශ්‍යය උන‌ෙ ඒ තුලිින් Font Faces එකක් Type එකක් තෝරගන්න සිද්ද උනාම , Font Family එකක් Font Style න‌ොවයි පැහැදිලි කරන්නයි අවශ්‍යය උන‌ෙ.
 අපි මේ typefaces කියන දේ ගත්තම ඒකෙ කොටස් දෙකයි. ඒ තමයි serif සහ sans serif. මේක designer කෙනෙක් වගේම අනාගතයේ designer කෙනෙක් වෙන්න ඉන්න අයත් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක්. මොකද ඒක ඒ තරමටම වැදගත්.

හරි අපි බලමු මොනවද මේ Serif සහ Sans serif කියන්නෙ කියලා.
උඩ Sri Lanka කියලා දකින්න ලැබ‌ෙන අකුරු සහ යටින් Sri Lanka කියලා අපිට දකින්න ලැබ‌ෙන අකුරු යම් කිසි ව‌ෙනසක් අපිට දකින්න පුලුවන්න‌ෙ. මේ කතා කරන Typefacesවල Categories ගොඩක් තියනවා. හැබැයි අපි වැඩියෙන්ම අවදානය යොමු කරන්නෙ මම අර කලින් කියපු Sans සහ Sans Serif කියන දෙකට. මේ දෙක අතරෙ තියන වෙනස හරිම සරලයි. පහලින් තිය‌ෙන වීඩිය‌ෝව බලන්නක‌ෝ. තවත් සරලව වැටහ‌ේවි හිතනවා

-

Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.